උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරනවා - අගමැති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 9, 2020

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරනවා - අගමැති

දැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රට ලස්සන කිරීමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැගීම මගින් ලෝකය ජය ගැනීමේ හැකියාව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සදහන් කලේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ර්‍ණජනාධිපතිවරණ ජයග්‍රහණ සැමරුම හා ඉදිරි වැඩපිළිවෙල” මැයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති තරුණ සමුළුවට එක් වෙමිනි.

හිටපු තරුණ කටයුතු අමාත්‍යවරයා තරුණයින්ගේ මේ අභිමානවත් හැඟීමට මෝඩජෝක් කියමින් සිනාසුනු බවද එහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා අණකිරීමක්, බලකිරීමක්, ව්‍යාපෘති වාර්තා හෝ විදේශ ආධාර එනතෙක් නොසිට රට ගැන වූ අවංක හැගීමෙන් තරුණයින් කටයුතු කිරීම නව රජය අගය කරන බවද කීවේය.

තරුණ ප්‍රජාව තුල ඇතිව තිබෙන මේ අබිමානවත් හැඟීම රැකගත යුතුව ඇතැයි එහිදී සදහන් කළ අග්‍රාමාත්‍යවරයා ර්‍ණඉතිහාසයේ හැමදාම ආණ්ඩුකළේ ප්‍රශ්න විකුණගෙන කන එක. ප්‍රශ්න විසදන්න අත ගහන්නේ නැතුව පැත්තකට වෙන එක. වසර 30ක් යුද්දෙ කෙරුණෙ ඒ නිසා. නමුත් ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා අපි එහෙම මිනිස්සු නෙවෙයි කියලා. අපි ප්‍රශ්න විසදන රජයක්. අභියෝග භාරගන්න රජයක්. ඒ අභියෝග භාර ගන්න ඔබගේ නොමසුරු සහයෝගය මම බලාපොරොත්තු වෙනවා.” යැයිද කීවේය.

මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, ප්‍රවාහන සේවා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

විජයානන්ද හේරත්
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad