අන්තිමේ මෛත‍්‍රී හිරවෙයි.. පොහොට්ටුවෙත් තරග කරන්න ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද එකග වෙයි.. පොහොට්ටුවෙන් නම් මෛත‍්‍රීට බැරිලු.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

අන්තිමේ මෛත‍්‍රී හිරවෙයි.. පොහොට්ටුවෙත් තරග කරන්න ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද එකග වෙයි.. පොහොට්ටුවෙන් නම් මෛත‍්‍රීට බැරිලු..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් දෙදෙනෙකු අතර මතවාදී ගැටුමක් හටගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වන්නේ නම් නව සන්ධානයකින් හා නව ලකුණකින් තරග කළ යුතු බවයි.

ඒ පිළිබඳව ජනාධිපතිවරනයේදී ගිවිසුමකට පැමිණ ඇති නිසා සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන නිසා වෙනත් සන්ධානයකින් තරග කළ යුතු බවද ඔහුගේ අදහස වී ඇත.

නමුත් අනෙක් ජ්‍යෙෂ්ඨයා සඳහන් කර ඇත්තේ මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවත් එසේ තරග කිරීමෙන් පමණක් ජයග්‍රහණය කළ හැකි බවත්ය.

මෙම මතභේදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයටද ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඉදිරි දිනකදී මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad