මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට භාරදුන් පනත් කෙටුම්පත් තුනක් අද (08දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952 අංක4 4 දරන විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යන පනත් ත්‍රිත්වය සංශෝධනය කිරීමට අදාළව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබේ.
මෙහිදී විවාහ (සාමාන්‍ය) ආඥා පනතේ පූර්විකාවේ සඳහන් ‘මුස්ලිම්වරුන්ගේ විවාහ හැරුණු කල’ යන වචන ඉවත් කෙරෙනු ඇත. විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත මෙයින් අහෝසි කරනු ලබන අතර, විවාහ හා දික්කසාද (මුස්ලිම්) ආඥා පනත ද මෙයින් අහෝසි කරනු ලැබේ.
මෙම පනත් කෙටුම්පතට අනුව සිංහල හා දෙමළ පනත්වල වචනවල පරස්පරතාවක් ඇතිවන අවස්ථාවකදී සිංහල පිටපත බලාත්මකවනු ඇත.
Tuesday, January 7, 2020
විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීමට රතන හිමිගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment