මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක විසින් සිදු කෙරුණු ඇතැම් දුරකතන සංවාදවලින් ද උත්සාහ කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අධිකරණ දූෂිත බවටත් ස්වාධීන නොවන බවටත් සාක්‍ෂි රැස් කිරීමට යැයි හැඟී යන බවයි.
ඒ අනුව මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු කුමන්ත‍්‍රණයක් මෙම දුරකතන සංවාද ඇසුරෙන් සිදුව තිබිය හැකි බවද ඔවුන් පවසනවා.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න කියා සිටියේ "රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවේ රන්ජන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන්නේ එම්. ඒ. සුමන්තිරන් කියන TNA මන්ත්‍රිවරයා. මේ නීතිඥවරයාගෙන් රන්ජන්ට ලැබිලා තියෙන උපදෙස තමයි පුලුවන් තරම් අධිකරණය දූෂිත බවට සාක්ෂි එකතු කරගන්න කියලා. " යනුවෙනි.
ශී‍්‍ර ලංකාවේ අධිකරණ දූෂිත බවටත් ස්වාධීන නොවන බවටත් කියාපාන මෙම කුමන්ත‍්‍රණයේ අවසන් අරමුණ රට බෙදා වෙන් කිරීම විය හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
මෙම කරුණු සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ දුරකතන සංවාද ඇසුරෙන් සිදුව ඇති සැබෑ කුමන්ත‍්‍රණය කඩිනමින් හෙළිකර ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළයුතු බවයි මෙහිදී යෝජනා කෙරුණේ.
ශී‍්‍ර ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ද කඩිනමින් කි‍්‍රයාකළ යුතු බවද මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කළා.


No comments:
Post a Comment