සරසවි සිසු විරෝධතාව ජනපති කාර්යාලය වටලයි.. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නෑ.. ජනපතිගෙන් මතක හිටින ප‍්‍රතිචාරයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 9, 2020

සරසවි සිසු විරෝධතාව ජනපති කාර්යාලය වටලයි.. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නෑ.. ජනපතිගෙන් මතක හිටින ප‍්‍රතිචාරයක්

හපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

ඔවුහු පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වූහ.

මේ පිළිබඳ සැලවීමත් සමග ජනාධිපතිතුමා සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙස  සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබිණ.

ජනාධිපතිතුමා සහ ජනාධිපති ලේකම්තුමා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නිරතව සිටි හෙයින් ඔවුන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමේ වගකීම ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට භාර දෙනු ලැබිණ.

ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව එම අවස්ථාවේම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ නිලධාරිහු ඊට අදාළ උපදෙස් ලබා ගත්හ.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ  මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සදුදා වන විට ගෙවීමට තීරණය කෙරිණ. දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලු, ශිෂ්‍යාධාර පිරිනැමීමේ දී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07ක් දක්වා වැඩි කිරීම, වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම යන යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

සාකච්ඡාවට ගැනුණ කරුණු ලිඛිතව ලබාදීමට නිලධාරිහු එකඟ වූහ.  පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියහ සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ.

ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ නිලධාරිහු පිරිසක් සාකච්ඡාවට සහබාගී වුහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය  අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad