රන්ජන්‌ගේ සිද්ධියට ‌ජනපතිත් මැදිහත් ‌වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

රන්ජන්‌ගේ සිද්ධියට ‌ජනපතිත් මැදිහත් ‌වෙයි

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන රන්ජන් රාමනායක මහතා‌ගේ ආන්දෝලනාත්මක හඩපට විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන ‌කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උපදෙස් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

අමාත්‍යවරුන් පිරිසක් ‌මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී විශේෂ විමර්ශන කමිටුවක් පත් කරන ‌ලෙස ඉල්ලීමක් කර තිබූ අතර ඊට පිළිතුරු ලබා ‌දෙමින් ජනාධීපතිවරයා ‌මේ බව දැනුම් දී ඇතැයි පැවසේ.

කෙසේවෙතත් අමාත්‍යවරුන් පිරිසක් දැනටමත් ‌මෙම හඩපට සම්බන්ධයෙන් අල්ලස් ‌හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවට පැමිණීලි කිරීමට පියවර ‌ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad