මහ මැතිවරණය කල් දමයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

මහ මැතිවරණය කල් දමයි.

රටේ පවතින කොරෝනා වෛරස රෝගය පැතිරයෑමේ වාතාවරණය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් යනු ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ඡන්ද විමසීම ලබන අපේ‍්‍රල් මස 25 වැනිදා සිදුකිරීමට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබුණි.

නාමයෝජනා පත‍්‍ර භාර ගැනීම අවසන් වීමෙන් පසුව ඡුන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසමට බලය හිමිවෙයි.

ඒ අනුව ඡුන්ද විමසීම කල් දැමීමේ තීරණය ඉදිරි දින කිහිපයේදී කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග නිසා මැතිවරණය පැවැත්වීමේ ක‍්‍රියාවලියට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර ඉදිරියේදී උදාවිය හැකි තත්ත්වය නිසා මැතිවරණ රාජකාරි කටයුතු අවිනිශ්චිත බවද වාර්තා වෙයි.

රාජ්‍ය ආයතන, පාසල් වසා දැමීම නිසා තැපැල් ඡුන්ද අයදුම් කිරීමට නොහැකි වී ඇති අතර, මැතිවරණ රාජකාරි භාර රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැුසක් වසාදැමීම නිසා අදාළ සියලූ කටයුතු ද මේ වනවිට ඇනහිට ඇත.

රටේ තත්ත්වය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව මැතිවරණ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක විය යුතු අතර ඒ අනුව ඡුන්ද විමසීම පැවැත්වීමට කෙටිකලක් යනු ඇතැයිද වාර්තා වෙයි.

රනිල් ධර්මසේන
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad