තිස්සට මහනුවරින් නාමයෝජනා දීමට කිරිඇල්ල හරස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

තිස්සට මහනුවරින් නාමයෝජනා දීමට කිරිඇල්ල හරස්වෙයි

ක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට අවසානයේ එකතු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දැඩි විරෝධය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට නාමයෝජනා නොලැබී ඇත. තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වීමට නියමිතව සිටියේය. ඔහු සමගි ජන බලවේගයේ ආරම්භක සාමාජිකයෙක්ද වෙයි.
ඔහුට නාම යෝජනා ලබාදීමට හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි ලෙස විරෝධය පළකිරීම නිසා තිස්ස අත්තනායක මහතාට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ධුරය පිරිනමා ඇත. තවද තිස්ස අත්තනායක මහතාගේ නම ජාතික ලැයිස්තුවට එක් කර තිබේ.

 උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad