බාර් වහලා මාසයයි.. කළු කඩේ ගල්-පොල් 5000 පනී.. කසිප්පු 1500 පනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 18, 2020

බාර් වහලා මාසයයි.. කළු කඩේ ගල්-පොල් 5000 පනී.. කසිප්පු 1500 පනී !

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් රජය විසින් පනවන ලද දැඩි සීමා අනුව දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ මෙරට මත්පැන් අලෙවි සැල් සියල්ල වසා දමා තිබේ.

මේ තත්ත්වය මත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයන් විශාල වශයෙන් ඉහල ගොස් ඇති අතර පොලිසිය විසින් සිදු කරන වැටලීම්ද ඉහල දමා ඇත.

මේ දිනවල නීති විරෝධී මත්පැන් බෝතලයක් රුපියල් 1500-2000 දෙදහසක් අතර මිලකට අලෙවි වෙමින් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මත්පැන් හල්වල රුපියල් 1600කට පමණ මිල නියම කර ඇති අඩුම මිලට ගැනීමට තිබූ අරක්කු බෝතලයක් රුපියල් 5000 හෝ ඊට ඉහල මිලකට නීතිවිරෝධී ආකාරයෙන් අලෙවි කරන බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad