ගුවන් යානයේ ආසනය අසල සිටි විදේශිකයෙක් කැහැ කැහැ ආවා - දඹදිව ගිය කොටහේනේ අම්මාට කොරෝනා වැළඳුනේ මෙන්න මෙහෙමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 17, 2020

ගුවන් යානයේ ආසනය අසල සිටි විදේශිකයෙක් කැහැ කැහැ ආවා - දඹදිව ගිය කොටහේනේ අම්මාට කොරෝනා වැළඳුනේ මෙන්න මෙහෙමයි

ගුවන් යානයේ ආසනය අසල සිටි විදේශිකයෙක් කැහැ කැහැ ආවා
පසුව ගුවන් සේවිකාවට කියා අනතුරුව ඇයට වෙනත් ආසනයක් ඉල්ල ගත්තා

මිට දින දෙකකට ඉහතදී කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වූ කොටහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවට පසුගිය මාර්තු මස 27 වෙනිදා පළමු වරට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්ත ඇය ඇදුම රෝගයෙන් පෙලෙන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නොමැති බවට කරුණු තහවුරුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
දඹදිව සංචාරයක් සඳහා ගොස් පසුගිය මාර්තු මස 12 වෙනිදා යලි ශ්‍රී ලංකාව බලා පැමිණි එම 59 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වුයේ මිට දින කිහිපයකට පෙරය. ඒ ඇය වෙනත් රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියදී.

මෙම කාන්තාවට කොරෝනා වෛරසය ආසාධනය වුයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසීමේදී ඇය කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවට පැමිණී ගුවන් යානයේ ආසනය අසල සිටි විදේශිකයෙක් අධික ලෙස කැස්ස ඇති බවට නිරීක්ෂණය කළ බවයි. තමන් පසුව ගුවන් සේවිකාවට ඒ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයට වෙනත් ආසනයක් ලබාදුන් බවටද ඇය කරුණු හෙළිකළ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මෙම කාන්තාවට එම විදේශීය පුද්ගලයාගෙන් කොරෝනා වෛරසය ආසාධනය වුවද එසේත් නැත්නම් ඉන්දීය සංචාරයේදී කොරෝනා වෛරසය ආසාධනය වුවාද යන්න සම්බන්ධයෙන් වන කරුණ අපැහැදිලි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad