මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හදිසියේ කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හදිසියේ කැඳවයි



රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ  මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතව තිබෙනවා.

එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රට තුළ පැතිරයමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැතිවරණය පැවැත්විමේ කාලසීමාව දීර්ඝ කෙරුණි.

ඒ අනුව මැතිරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම රැස්වීම පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂමේ නිලධාරින් සිදු කරන සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී අවධානයක් යොමු නොවනු ඇති බව සඳහන්.









No comments:

Post a Comment

Post Bottom Ad