මැතිවරණයට දිනයක් ගැසට් නොකලොත් මැකො අමාරුවේ.. ලිඛිතව දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 17, 2020

මැතිවරණයට දිනයක් ගැසට් නොකලොත් මැකො අමාරුවේ.. ලිඛිතව දන්වයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති සහ එහි සාමාජිකයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුනට පැවරී ඇති යුතුකම් හා වගකීම් පැහැර හැර ඇති බව හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් වෙත ලිපියක් යොමු කරමිනි.

නමුත් ජනාධිපතිවරයා විසින් මැතිවරණය පැවැත්වීමට නියම කර ඇති දිනය කල් දමා ඇති මැතිවරණ කොමිසම තම ගැසට් නිවේදනයේ මැතිවරණය පවත්වනු ලබන දිනය සඳහන් කිරීම පැහැර හැර ඇති බව ද ඔහු චෝදනා කරයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ එමගින් පැවරී ඇති යුතුකම් හා වගකීම් ඉටු කිරීම පැහැර හැර ඇති බව ද හිටපු ඇමතිවරයා පෙන්වා දී ඇත කර ඇති සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad