සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ 16 දෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 27, 2020

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ 16 දෙනෙකු අත්අඩංගුවට


කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ සිදුවීම් 400කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවය.

එවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටි.

ඒ, පොලීසිය හා අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් අනතුරුවය.

මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, වෛද්‍යවරයෙක්, විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙක් සහ විශ්වවිද්‍යාල සිසුවෙක් ඇතුළු පිරිසක් සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad