නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා.
එම වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදෑසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් පවසන්නේ.
ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හය දෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවයි වනජිවි නිලදාරින් කියා සිටියේ.
මියගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.
Friday, May 29, 2020
රටම කතාවූ දුර්ලභ කළු කොටියාට උඩවලව ඇත් අතුරු සෙවනේදි අත්වූ අවාසනාවන්ත ඉරණම
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment