කොරෝනා එන්නතක් ලංකාවට උවමනා නෑ.. ඒකට වෙන වෙන දේවල් අපට තිබෙනවා - වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

කොරෝනා එන්නතක් ලංකාවට උවමනා නෑ.. ඒකට වෙන වෙන දේවල් අපට තිබෙනවා - වාසු

ද වන විට මෙරටට කොරෝනා එන්නතක් අවශ්‍ය යැයි තමන් නොසිතන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

කොරෝනා එන්නතක් වෙනුවට භාවිතා කළ හැකි වෙනත් දේවල් ලංකාවේ ඇති බවත් ඒවා භාවිතා කරමින් මෙරට වෛරසය පාලනය කරමින් සිටින බව ඔහු පැවසීය.

දැනට කොරෝනා එන්නතක් අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාවට බවත් ලංකාවට වුවමනා වූ දිනෙක මුදල් සොයාගෙන ගෙන්වා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘වෙල් මුලාදෑනියා.. ඉඳගන්නවා.. මේක හමුදාව නෙවෙයි’ යයි නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට කියා සිටියේය.

අයවැය විවාදයේදී ඇමැතිවරයා කතා කරමින් සිටියදී අතරමැදින් නැඟිට ෆොන්සේකා මහතා අදහස් පළ කිරීම හේතුවෙන් ඔහු මේ බව කියා සිටියේය.

මේ හමුදාව නොවන බවත් හිතු හිතූ දැනෙන් නැගිට කතා පැවැත්වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතා කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad