දකුණේ විජේවීර සමරනවානම් උතුරේ ප‍්‍රභාකරන් සමරන්න ඔ්නෑ.. එය අපේ අයිතියක් - සිවාජිලිංගම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 18, 2020

දකුණේ විජේවීර සමරනවානම් උතුරේ ප‍්‍රභාකරන් සමරන්න ඔ්නෑ.. එය අපේ අයිතියක් - සිවාජිලිංගම්

නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.

පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරනයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයාගෙන් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් විමසීමේදී මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

‘ආයුධ ගත්තු ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ නොවැම්බර් මාසයේ සමරනවා, පොපිමල් දිනය ලෝකයේම සමරනවා ඇයි මහවිරු සැමරුම විතරක් සමරන්න අවස්ථාව නැත්තේ එම නිසා ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසටයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad