සහරාන්ගේ බිරිඳටත් කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 7, 2020

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳට ද, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැදවියන් අතර සිටි ඇය ප්‍රතිකාර සඳහා මේ වනවිට වැලිකන්ද රෝහල වෙත යොමුකර ඇති බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළ අතර,  ඒ අතර, කාන්තා රැඳවියන් විසි දෙදෙනෙකු වනවා.

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පිරිමි රැදවියන් 7 කට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad