කොරෝනා නසන දේශීය ඖෂධ රැසක් සොයාගත්තා,නමුත් පරීක්‍ෂා කර බලන්නවත් බටහිර දොස්තරලා ඉඩ දෙන්නේ නෑ.- රාජ්‍ය ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 7, 2020

කොරෝනා නසන දේශීය ඖෂධ රැසක් සොයාගත්තා,නමුත් පරීක්‍ෂා කර බලන්නවත් බටහිර දොස්තරලා ඉඩ දෙන්නේ නෑ.- රාජ්‍ය ඇමති

 

කොරෝනා වෛරසට ආයුර්වේද හා පාරම්පරික දේශීය ඖෂධ රාශියක් මේ වන විට එළිදක්වා තිබුණද එම ඖෂධ සායනික පරීක්ෂාවක් සඳහාවත් මෙතෙක් ඉඩ දී නොමැති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

බටහිර වෛද්‍යවරුන් විසින් දේශීය වෙදකම හා ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් දක්වන්නේ අඩු සැලකිල්ලක් බවත් මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශිත නිර්දේශ අනුව වසර සිය ගණන් පැවතගෙන එන පාරම්පරික ඖෂධ සායනික පරීක්ෂාවන් තොරව රෝගීන් වෙත ලබා දිය හැකි බව නිර්දේශ කර තිබිය දී මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන්ඊට එරෙහිව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

නමුත් එම බලපෑම් කරන වෛද්‍යවරුන්ද ලබාගන්නේ සාම්ප්‍රදායික දේශීය ඖෂධ වර්ග යැයි ඔහු කියා සිටී.

-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad