පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂණයෙන් පොලු තබයි..කෝටි තිහක් ගෙවා නෑ – දෙමාපියන් අසරණයි..ඇමති නිහඬයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂණයෙන් පොලු තබයි..කෝටි තිහක් ගෙවා නෑ – දෙමාපියන් අසරණයි..ඇමති නිහඬයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණ වැඩසටහන ඉකුත් වසරේ දී භාරව සිටි පෞද්ගලික සමාගම සිසුන්ගේ ප්‍රතිලාභ වන්දි වශයෙන් රුපියල් කෝටි තිහක් ගෙවීමට ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරනවා. වන්දි ගෙවා අදාළ ලේඛන අමාත්‍යාංශය විසින් ප්‍රතිපූරණය කරනු ලබන අතර ඒ සඳහා මෙතෙක් එම සමාගම කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැතැයි මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කරනවා.

මෙම රක්ෂණ සමාගම වන්දි ගෙවීම පැහැර හැරීම පිළිබඳව අමාත්‍යාංශය රක්ෂණ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

රක්ෂණ වන්දි නොලැබුණු සිසුන් හා දෙමව්පියන් මේ පිළිබඳව දිනපතාම විමසීම් කරන බවත් මෙම වන්දි ලබා දෙන ලෙස එම ආයතනයට ද වරින් වර දැනුම් දී තිබෙන බවත් ඉහත කරුණු දැක්වූ නිලධාරීයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad