කොවිඩ් ආසාදිත මව සහ පුතු IDH රෝහලෙන් පැන යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

කොවිඩ් ආසාදිත මව සහ පුතු IDH රෝහලෙන් පැන යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇයගේ දරුවා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම කාන්තාව සහ ඇයගේ දරුවා ඊයේ රාත්‍රී 9.10 ට පමණ රෝහලෙන් පළා ගොස් ඇති අතර ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙසේ පළා ගිය කොවිඩ් ආසාදිත මව සහ දරුවා සොයා ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad