ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ !

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය පස්වරු 3.30 ට හම්බන්තොටදී පැවැත්වෙන අතර, තරගාවලිය දෙසැම්බර් මස 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති. කලම්බු කිංග්ස්, ගෝල්ඞ් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග්ස්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් පහ මෙහිදී තරග වදිනවා.

පළමු තරගය රාත්‍රී 7.30 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ තරගාවලියේ දී පන්දු යැවීම සඳහා තමා සූදානමින් පසුවන බවයි. පසුගිය මාස 8ක පමණ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට බාධා සිදු වුවද තමා සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් එම කාලයේ දී යොමු කළ බව ද ඔහු ප්‍රකාශ කළා.


No comments:

Post a Comment

Post Bottom Ad