කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දීය අදානි සමාගමට.. කැබිනට් යෝජනවා අනුමතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දීය අදානි සමාගමට.. කැබිනට් යෝජනවා අනුමතයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීම සඳහා වන කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ.

වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්දණ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

49%ක් එම සමාගමටත් 51%ක් ශ‍්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසින් බවද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා මෙසේ ආයෝජකයන් කැදවන බවද එම මුදල් ආයෝජනය කල හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි වූ බැවින් මෙම පියවරට යාමට සිදුවූ බවද ඇමතිවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad