පිල්ලෙයාන් පිලිගැනීමේ උත්සවයකට පාසැල් ලමුන් කැදවලා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

පිල්ලෙයාන් පිලිගැනීමේ උත්සවයකට පාසැල් ලමුන් කැදවලා..

මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිගැනීමේ උත්සවයක් සඳහා පාසල් සිසුන් සහභාගී කරගෙන ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන්නේ කල්කුඩාහි, පංචන්කර්නි විදුහලේ සිසු සිසුවියන් මෙසේ තූර්ය වාදන උපකරණද සමගින් පිළිගැනීමේ උත්සවයකට සහභාගී කරවා ඇති බවයි.

දේශපාලනඥයන්ගේ රැස්වීම් මට පාසල් සිසුන් සහභාගී නොකරවන ලෙසත් කොරෝනා හේතුවෙන් පාසල් දරුවන් කිසිදු බාහිර ක්‍රියාකාරකමකට යොදා නොගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබියදී මේ ආකාරයට සිසුන් පිළිගැනීමේ උත්සවයකට එක්කර ගැනීම නීති විරෝධී බව ද ගුරු සංගමයේ අදහසයි.

ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ මෙහි වගකීම නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ බවයි.

මේ සම්බන්ධයෙන් පලාත් ආණ්ඩුකාර අනුරාධු යහම්පත් මහත්මිය වෙත පැමිණිලි කල බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad