'කාලි අම්මාට අපහාස කරන්න එපා.. ඇය හින්දු දෙවගනක්.. පැණි පෙන්නා ප‍්‍රශ්න වහන්න එපා' - මනෝ ගනේෂන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

'කාලි අම්මාට අපහාස කරන්න එපා.. ඇය හින්දු දෙවගනක්.. පැණි පෙන්නා ප‍්‍රශ්න වහන්න එපා' - මනෝ ගනේෂන්

හින්දු දෙවගනක් වන කාලි අම්මට නින්දා අපහාස කිරීම වහා නතර කරන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඉල්ලා සිටී.

හින්දු දෙවිවරුන්ට අපහාස කිරීම ආරම්භ කළහොත් වත්මන් ආණ්ඩුව ගැන දමිළ ජනතාවට ඇති විශ්වාසයද නැතිව යනු ඇතැයිද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වෛරසය පාලනය සඳහා මෙතෙක් ලෝකයේ බෙහෙතෙක් ලැබී නැති බවත් තමන්ද ආයුර්වේද බෙහෙත් ලබා ගන්නා බවත් පැවසූ ඔහු කොරෝනා වැනි වෛරසයකට බෙහෙත් නිෂ්පාදනය කිරීමේ දී පිළිවෙලක් තිබිය යුතු බවත් ඔහු කීය.

මෙම ප්‍රශ්නයට විද්‍යානුකූලව විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ඔහු ආණ්ඩුව කරන්නේ පැණි ජාති ගෙනැවිත් ඇත්ත ප්‍රශ්න වැසිම බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad