මුස්ලිම් මෘතදේහ භූමදානය සෙසු ජනතාවට අහිතකර නම් එය කිසිදා සිදු වන්නේ නෑ - ඉමිතියාස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

මුස්ලිම් මෘතදේහ භූමදානය සෙසු ජනතාවට අහිතකර නම් එය කිසිදා සිදු වන්නේ නෑ - ඉමිතියාස්

මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම අනෙක් ජනතාවට අහිතකර නම් එය කවදාවත් සිදු වන්නේ නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකිර් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය.

මුස්ලිම් මරණ ආදාහන හෝ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බවත් නමුත් මේ වන විට අනවශ්‍ය ප්‍රශ්නයක් කරගෙන සිටින බවත් පැවසූ මන්ත්‍රීවරයා මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමෙන් අනෙක් අයට අහිතකර තත්ත්වයක් වේ නම් එය කිසිදිනෙක සිද්ධ වන්නේ නැතැයි ද කියා සිටියේය.

කෙසේ නමුත් ආණ්ඩුව විසින් පළමුව නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් භූමදානය හා ආදාහනය සිදුකළ හැකි යැයි සඳහන් කර ඒ ආකාර දෙකේම ක්‍රමවේද ගැන මගපෙන්වීම් ද සඳහන් වූ බවත් ඔහු සඳහන් කළේය.

පසුව එම ක්‍රමවේදයන් වෙනස් කර තිබූ බවත් ඒ කුමක් නිසා දැයි නොදන්නා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad