මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා - අගරදගුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

මේ ආණ්ඩුවට බැරිනම් විකල්ප කණ්ඩායමකට බාර දෙන්න වෙනවා - අගරදගුරු

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීම නිසි ලෙස සිදු නොවන්නේ නම් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අගරදගුරු නිල නිවසේ දී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමග පැවති හමුවකදීය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන එළඹෙන විසි වෙනිදා අවසන් වීමට නියමිත බව පුවත්පතක වාර්තා වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

නමුත් මෙම ප්‍රහාරයට මුදල් ලබා දීම අනුග්‍රහය දැක්වීම ආදිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රමාණයක විමර්ශනයක් සිදුවන්නේ දැයි ප්‍රශ්නයක් ඇතැයිද කාදිනල්තුමා කියා සිටියහ.

කෙසේ හෝ මෙම විමර්ශන පසුපසට තල්ලු නොකරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ දේශපාලන ඩීල් මගින් මෙම සිදුවීම පාපිස්ස යට දමා සැඟවීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැතැයිද කියා සිටියහ.

නිසි ලෙස මෙම කටයුතු සිදු කෙරෙන්නේ නම් වෙනත් කණ්ඩායම් වලට වගකීම බාර දීමට සිදුවන බවත් එසේ වුවහොත් මේ රජය සම්බන්ධ ඇති විශ්වාසය නම් බිඳ වැටෙන බව ද ඒ හිමියන් තවදුරටත් කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad