මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ - නලින් පෙරේරා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ - නලින් පෙරේරා

මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නෙ අපි දැයි නොදන්නා බවත් ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා මහතා සඳහන් කරයි.

අද වන විට කලාකරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ඒ ගැන කතා කරන්න කිසිවෙක් නැති බවත් අවංකවම පැවසුවහොත් දැන් ප්‍රශ්නය වී ඇත්තේ කොරෝනා නොව කෑම බීම සොයා ගැනීම බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදීය.

නව කොරෝනා සාමාන්‍යකරන තත්ත්වය යටතේ කලා කරුවන්ට තම ආදායම් මාර්ග පවත්වාගෙන යාමට අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන්නැයිද ඔවුන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්ද කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad