බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සියලුම ගුවන් යානා වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව හෙට දින අළුයම 2.00 සිට මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් -19 වෛරස ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් යලි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මේ වන විට ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ දිනයේ සිට කටයුතු කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad