වලලන්න දෙන්නේ නැත්නම් මෘත දේහ තියාගෙන කාපල්ලා.. අපි බාර ගන්නේ නෑ - අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

වලලන්න දෙන්නේ නැත්නම් මෘත දේහ තියාගෙන කාපල්ලා.. අපි බාර ගන්නේ නෑ - අසාද් සාලි

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතික මෘත දේහයන් භූමදානයට අවසර නොදෙන්නේ නම් එම දේහයන් බාර නොගන්නා බවද ජාතික සමගි පෙරමුේන නායක අසාද් සාලි මහතා පවසයි. මුස්ලිම් ජනතාන දැනටමත් එම තීරණය ගෙන ඇති බවත් මව පියා මිය ගියද භූමදානයට ඉඩ නොදේ නම් දේහයන් බාර නොගන්නා බවද ඔහු සඳහන් කළේය.

‘වලලන්න දෙන්නේ නැත්නම් තියාගෙන කන්න’ දැනුම් දී ඇතැයිද ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 195 භූමදානය කරද්දි ශ්‍රී ලංකාව පමණක් ආදාහනය කරන්නේ කුමන පදනමෙන් දැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙය දේශපාලන වශයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් යයිද ඔහු චෝදනා කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad