රට වසා දැමීමට සිදු විය හැකියි - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

රට වසා දැමීමට සිදු විය හැකියි - හමුදාපති

දිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වෙතැයි කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොරෝනා වයිරසය මේ මාසයේදීද පැවතිය හැකි වුවත් ලබන මාසය වන විට බොහෝ දුරට පාලනය විය හැකි යැයි ද ඒ මහතා පැවසීය.

කොරෝනා පැතිරුණු ලොව වෙනත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව හොඳ තත්වයක සිටින යි ද ඒ මහතා කීය.

මේ තත්ත්වයට කොරෝනා පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල කැපවීම මත බවද ඔහු පෙන්වා දෙයි.

රට වසා දැමේ ට කිසිදු බලාපොරොත්තුවක් නැති නමුත් රට තුළ ලොකුවට උත්සව ගැනීමටද හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ජනතාව ගෙදරට වී සිටිනවා නම් රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් මතු නොවන බවද පැවසූ ඔහු නමුත් වෙනදා මෙන් විශාල වශයෙන් පාර වලට බැස පරණ විදිහට කටයුතු කළොත් රට වසා දැමීමෙන් තත්ත්වයකට යෑමේ හැකියාව ඇතැයි ද තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad