සමාජය පුරා වෛරය පැතිරෙනවා.. පොකුරු කතා බොරු.. දැන් සත්‍ය පිලිගත යුතුයි..- මෙරට ජ්‍යෙෂ්ඨම වෛරස විද්‍යාඥයා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

සමාජය පුරා වෛරය පැතිරෙනවා.. පොකුරු කතා බොරු.. දැන් සත්‍ය පිලිගත යුතුයි..- මෙරට ජ්‍යෙෂ්ඨම වෛරස විද්‍යාඥයා කියයි

කොරෝනා වෛරසය ඒ මේ වන විට පොකුරු වලට සීමා නොවී සමාජය පුරා පැතිර යාම සිදුවෙමින් ඇතැයි මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මෙරට සිටින ප්‍රධානතම වෛරස විද්‍යාඥයෙක් වන ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය ලෝකයට අලූත් වෛරසයක් නිසා ඊට මුහුණ දීමට ප්‍රතිශක්තියක් මිනිස් සිරුරට නැති බවයි.

වෛරසය සමාජය පුරා පැතිර ඇතැයි පිළිගැනීමට ඇතැමුන් අකමැත්තක් දක්වන නමුත් සත්‍යයට මුහුණ දී මෙය පාලනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

වෛරසය ශරීරගත වී ඇති 80%ක් දෙනාට කිසිම රෝග ලක්ෂණයක් මතු නොවන බව මේ වන විට තහවුරු වී ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad