නව ව්‍යවස්ථාව ගෙනතුරු පළාත් සභා එපා !- මහ සංඝරත්නය ජනපතිට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

නව ව්‍යවස්ථාව ගෙනතුරු පළාත් සභා එපා !- මහ සංඝරත්නය ජනපතිට කියයි

පොරොන්දු වූ පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණ නොපවත්වන්නැයි තෛනිකායික මහ සංඝරත්නයෙන් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
බැසිල් රාජපක්ෂගේ බලපෑම් මත පළාත් සභා පැවැත්වීමට කටයුතු කළහොත් ඊට එරෙහිව කටයුතු කරන බවට එම නාහිමිවරුන් බලපෑම් කරමින් සිටින බවද එම ආරංචිමාර්ග පවසයි.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පක්ෂපාති නාහිමිවරුන් කිහිපනමක් විසින් අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.
 
මේ අතර සති අන්ත 'අනිද්දා' ජාතික පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත්තේ, '' මහින්දට, බැසිල්ට පළාත් සභා ඕනෑමලු, ගෝඨාභය නිහඬයි'' කියාය.
 
පැරණි මැතිවරණ ක්‍රමය යටතේ ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යයි අගමැති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දැඩි තින්දුවක සිටින බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad