‘ධම්මික පැණිය’ බිවු අයෙකුටත් කොරෝනා.. රෝහල්ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

‘ධම්මික පැණිය’ බිවු අයෙකුටත් කොරෝනා.. රෝහල්ගත කරයි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා ඖෂධය පානය කළ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

වරකාපොල සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා සඳහන් කරන්නේ එම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් දොළොස් දෙනා අතර එක් අයෙකු එම ඖෂධය භාවිත කළ අයෙකු බවයි.

එම ආසාදිතයා ඔත්නාපිටියේ පදිංචිකරුවෙක් යයිද ඔහු පැවසීය.

මෙම සියලු දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් ආශ්‍රිතයන් නිරෝධායනයට යොදවා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad