අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ - මැදගොඩ අබේතිස්ස හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ - මැදගොඩ අබේතිස්ස හිමි

නිච්චාවත සංඛාරා කිවයුතු තැනක බවතු සබ්බ මංගලම් කියන්න සූදානම් වන්න එපා යැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති. අද වන විට පළාත් සභා ක්‍රමය මෙරට ස්වාභාවික මරණයට පත්වී ඇති බවත් ඒ නිසා පළාත් සභා මැතිවරණයක් අවශ්‍ය නැති බවත් උන්වහන්සේ කියා සිටියහ.

ස්වභාවික මරණයට පත් වී ඇති පළාත් සභාවලට නැවත පන දීම උත්සාහ කරන්නේ නම් එය 69 ලක්ෂයක ජනතා අභිලාෂයන්ට විරුද්ධ වීමක් බව ද ශ‍්‍රී ලංකා පෙරමුණ ආණ්ඩුව සියතින් ගෙල සිඳ ගැනීමක් වනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

පළාත් සභා නැවත පිහිටුවීමේ අරමුණු වන්නේ සමහරැන්ගේ සැමියාට, බිරිඳට, සහෝදරයන්ට මහ ඇමති කම් ඇමතිකම් මන්ත්‍රී කම් ලබාදීම බවද පැවසූ උන්වහන්සේ ඒ වෙනුවෙන් පොදුජන අභිලාශය බිල්ලට දිය නොහැකි බවද කියා සිටියහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad