ගැටුම ඇරඹේ: ශ්‍රීලනිපයේ මෛත්‍රිපාලලා යළි කුමන්ත්‍රණයක බව රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

ගැටුම ඇරඹේ: ශ්‍රීලනිපයේ මෛත්‍රිපාලලා යළි කුමන්ත්‍රණයක බව රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බවත්, 2015 වසරේදී මෙන් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවන බවට සැක මතු වී ඇති බවත් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්නක් සේ සැලකිය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා විය හැකි යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා තවදුරටත් කීය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදී පැවති උත්සවයක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad