මහර බන්ධනාගාර ගැටුමට හේතුව සජිත් සොයා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

මහර බන්ධනාගාර ගැටුමට හේතුව සජිත් සොයා ගනී

හර බන්ධනාගාරයේ මහා ඛේදවාචකයක් සිදු වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයට ගෙන ගොස් දැමූ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 120 එසේ ගෙන ගොස් ඇත්තේ කොරෝනා රෙගුලාසි කඩකරමින් බවද ඔහු පැවසීය.

මහර ගැටුමට හේතුව රිවස් පෙත්තක් යැයි ඇතැම් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ද එය පාර්ලිමේන්තුවක් නොමඟ යැවීමක් බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඒ මහතා මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad