කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට ..මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අලුත් සැළසුමක් – රුසියාව ලංකාවට අනතුරු අඟවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට ..මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අලුත් සැළසුමක් – රුසියාව ලංකාවට අනතුරු අඟවයි

කොවිඩ් මානුෂීය ආධාර ත්‍රස්ත සංවිධාන අතට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රුසියාව මෙරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යුරයි මටෙරි සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයා ගන්නා මුදල් ත්‍රස්තවාදී සංවිධානවලට ලැබීමේ අවධානමක් ඇති බවත් මානුෂීය මුහුණුවර යටතේ ඇති ඇතැම් සංවිධාන යටතේ මෙම මුදල් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ලැබිය හැකි බවත් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එම නිසා රුසියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කරන ලෙස තානාපතිවරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

තවද ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට රුසියාව ලබා දෙන පුහුණුව නවීන තාක්ෂණය භාවිතා කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාමටද දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

-truenews


No comments:

Post a Comment

Post Bottom Ad