කොරෝනා මරණ භූමදානයට වාසුදේව ලංකාවේ තැන් 2ක් සොයාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

කොරෝනා මරණ භූමදානයට වාසුදේව ලංකාවේ තැන් 2ක් සොයාගනී

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයාබලන විමර්ශනයට අදාළව තමා වෙත ලැබුණු උපදෙස් මත මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් පිළිබඳ වාර්තාවක් තමා අගමැතිවරයාට භාරදුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ (27) අනාවරණ කළේය.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එහිදී සඳහන් කළේ මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් වන තලෙයි මන්නාරම, රැකව යන ප්‍රදේශ පිළිබඳව තමන් එම වාර්තාව ලබාදුන් බවය. 

තමාට බාර දුන් ක්‍රියාව තමා ඉටු කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත යුත්තේ සෞඛ්‍ය අංශ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad