මහ සටනට වරායේ සියල්ල සූදානම්… වෘත්තීය සමිති 23ම එක්වේ.. තවත් සංවිධාන 100ක්.. අදම රැස්වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 15, 2021

මහ සටනට වරායේ සියල්ල සූදානම්… වෘත්තීය සමිති 23ම එක්වේ.. තවත් සංවිධාන 100ක්.. අදම රැස්වේ !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 49%ක් ආයෝජකයෙකුට ලබා දීමට රජය තීරණය කර ඇති නිසා ඊට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන අද දිනයේ වරාය වෘත්තීය සමිති රැස්වී තීරණය කිරීමට නියමිතය. වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ මෙම කොටස් ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු කළ හොත් සයිටම් ආයතන යෝජනාව පරාජයට පත් කළ ආකාරයටම මෙයද පරාජයට පත් කරන බවයි.

මෙම සටන වෙනුවෙන් දැනටමත් වරාය වෘත්තිය සමිති 23ම ඒකාබද්ධ වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අසූවක් හා මහාසංඝරත්නය ආගමික නායකයන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවා ඇති බවත් ඔවුහු කියා සිටිති.

නැගෙනහිර පර්යන්තයේ 100%ක අයිතියක් වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔවුහු කියා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad