සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 15, 2021

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කෙරේ !

මාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පැවති නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ.

අදාළ නඩුව ගොනුකර තිබුණේ 2010 වසරේදී සතොස ආයතන සේවකයන් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි.

මහාධිකරණය අද නිගමනය කරන ලද්දේ තවදුරටත් එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරීන් වල යොදවමින් රජයට රුපියල් කෝටි හතරක පමණ අලාභයක් සිදු කළ බවටයි.


No comments:

Post a Comment

Post Bottom Ad