හකීම් පාර්ලිමේන්තුවේ මුව ආවරණ පැළඳ නෑ – මුළු පර්ලිමෙන්තුවටම කරන දේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

හකීම් පාර්ලිමේන්තුවේ මුව ආවරණ පැළඳ නෑ – මුළු පර්ලිමෙන්තුවටම කරන දේ මෙන්න

කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් මන්ත්‍රී රවුෆ් හකීම් සහ අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන දෙදෙනාම පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත. ඔවුන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සමීපව ඇසුරුකර ඇති බව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට (12 වැනිදා) සහ අනිද්දා (13 වැනිදා) යන දෙදින ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර ඇත.

ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘අරුණ’ ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිත දයාසිරි ජයසේකර ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ ඇත. අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පසුගිය සිකුරාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට පැමිණ සභා නායක කාර්යාලයේ නිධාරීන් කිහිප දෙනෙකු හමුවී තිබේ.

හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරය කළ තැන් සහ ආශ්‍රය කළ පුද්ගලයන් සොයා සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කර ඇත. එහිදී අනාවරණය වී තිබෙන්නේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇත්තේ පැය දෙකක පමණ කාලයක් පමණක් බවයි. එම කාලයේ ද ඔහු වැඩි වේලාවක් සභා ගැබ තුළ සිට ඇත. සභා ගැබ තුළ සිටින කාලයේදී හකීම් මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ නොසිටි බව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත් දිවා ආහාරයද නොගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබේ. සභා ගැබෙහි හකීම් මන්ත්‍රීවරයාගේ ආසනයට වම්පස අසුනේ සිටන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාය. දකුණු පස අසුන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේය.

හකීම් මන්ත්‍රීවරයා සමග සමීපව කතා බහ කළ බව කියන එම්.ඒ.සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම්, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය වී ඇත. මෙම මන්ත්‍රීවරුන්ට සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා සමීපව ඇසුරු කළ නිලධාරීන්ටද පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන ලෙස හා නිරෝධායනය වන ලෙස දැනුම්දී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කීපයක් විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට පැවැසුවේය.


No comments:

Post a Comment

Post Bottom Ad