බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුධ හමුදාව පැල සිටුවයි. රිෂාඩ්ට එරෙහි අධිකරණ තීන්දුව පුස්සක් වෙයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුධ හමුදාව පැල සිටුවයි. රිෂාඩ්ට එරෙහි අධිකරණ තීන්දුව පුස්සක් වෙයි?

රිෂාඩ් බදුර්දීන් විසින් වනසන ලද විල්පත්තුවේ නැවත වන වගාව ඔහු විසින්ම සිදුකළ යුතු බවට අධිකරණ නියෝගයක් තිබියදී එම කාර්‍යය යුධ හමුදාව විසින් සිදු කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයේ ද සහභාගිත්වය ඇතිව වන්නි යුධ හමුදා මූළස්ථානාධිපතිගේ අධීක්ෂණයෙන් 54 වන බළ සේනාව විසින් ශ්‍රී නගර් හි විශාල ප්‍රදේශයක පැල සිටුවීම මේ වනවිට ආරම්භ කර තිබේ.

2019 වසරේදී “තුරු මිතුරු නව රටක්” තේමාව යටතේ අක්කර 76.05ක පැල සිටුවීම අවසන් කිරීමෙන් පසු එහි දෙවන අදියර ලෙස කල්ලාරු ප්‍රදේශයේ අක්කර 251ක නැවත වන වගාව ඉලක්ක කර ගනිමින් ගිය වසරේ අගෝස්තු මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේ වනවිට අක්කර 12ක පැල සිටුවා අවසන් බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad