ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කමිටුවෙන් කැඳවීමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 29, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කමිටුවෙන් කැඳවීමක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පෙබරවාරි 11 වන දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන් ම, පෙබරවාරි 12 වන දා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.

මහනුවර දිස්තික්කයේ නාය යෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම පෙබරවාරි 24 වන දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වන දා සැළකිල්ලට ගැනීමට නියමිත බව ද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad