ආණ්ඩුවේ ඥාති සංග්‍රහය මෙන්න - දූ පුතුන් රැසක් පිටරට තනතුරු වලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 29, 2021

ආණ්ඩුවේ ඥාති සංග්‍රහය මෙන්න - දූ පුතුන් රැසක් පිටරට තනතුරු වලට

ණ්ඩුවේ ඥාති සංග්‍රහයක් පිළිබදව  ‘Colombo Telegraph’ වාර්තා කර තිබුනා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී අනුමත කරන ලද ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල සඳහා දේශපාලන පත්කිරීම් ලැයිස්තුවක් කලම්බො ටෙලිග්‍රාෆ් වාර්තා කර තිබුනා. මෙම  සෑම පත්කිරීමක්ම පොහොට්ටු දේශපාලඥයන්ගේ සහ එම පරිපාලනයට සම්බන්ධ අයගේ පුතෙකු හෝ දියණියක් වන බව කලම්බො ටෙලිග්‍රාෆ් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි, මෙරට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇති බවද වාර්තා වනවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායකගේ දියණිය වන සුභාෂිණි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබෙන බව සදහන්.

හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස දුල්මිනි ඉන්ද්‍රචාපා අත්තනායකව පත් කර ඇති අතර  දුල්මිණී අත්තනායක දැනටමත් වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ය.


No comments:

Post a Comment

Post Bottom Ad