ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන අයට අපිත් ගහන්න පටන් ගන්නවා: ආණ්ඩුවේ පසුපෙළින් තද ප්‍රකාශයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 29, 2021

ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන අයට අපිත් ගහන්න පටන් ගන්නවා: ආණ්ඩුවේ පසුපෙළින් තද ප්‍රකාශයක් - (video)

ණ්ඩුව සිදු කරන කටයුතුවලට එරෙහිව ආණ්ඩුව ඇතුළේ සිටින පිරිසක් විරුද්ධ වන බවත්, එය කනගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේ ආණ්ඩුව ඇතුළේ සිට කකුලෙන් අදිනවා නම්, පහර දෙනවා නම් අපටද ඒ පිරිස්වලට පහර දීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ආණ්ඩුව ඇතුළේ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීය.

20 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මේ පිරිස සිදු කළේත් මෙවැනිම ක්‍රියාවක් බවද හෙතෙම කීය.

ජනාධිපතිවරයා වරාය විකුණන්නේ නැති බවට ප්‍රකාශයක් සිදු කොට ඇති බවත්, ඒ පිළිබද විශ්වාසය ගබා ගත යුතු බවත්, ජනාධිපතිවරයා රටට ආදරය කරන පුද්ගලයකු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad