පාස්කු කොමිසමේ ඉංග්‍රීසි අප්සට්; මෛත්‍රීට නඩු දැමීම තවත් නඩුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

පාස්කු කොමිසමේ ඉංග්‍රීසි අප්සට්; මෛත්‍රීට නඩු දැමීම තවත් නඩුවක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිය හැකිද යන්න නීතිමය අර්ථකතන පිළිබඳ අර්බුදයක් බවට පත්ව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

එයට හේතු වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර කොමිෂන් සභා වාර්තාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිර්දේශය ඇතුළත් ඉංග්‍රීසි හා සිංහල පිටපත්වල පරස්පරතාවක් හටගෙන තිබීමය.

එසේම රටේ ජනාධිපතිවරයාට අධිකරණය හමුවේ නීතිමය මුක්තිය හිමිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය ඇතුළත් ඉංග්‍රීසි හා සිංහල පිටපත්වලද සුළු පරස්පරයක් පැවතීම නිසා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයක් ලබාගත යුතු යැයි ඇතැම් ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන් රජයට උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නඩු පවරන්න නීතිමය ඉඩක් නෑ - නීතිපති

මේ අතර, සිරිසේන මහතාට නඩු පැවරීමට කටයුතු කිරීමට සලකා බලන ලෙස පාස්කු කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් නඩු පැවරීමට නීතිමය ඉඩක් නැති බව නීතිපතිවරයා කියා සිටී.

ඊට පෙර හිටපු ජනාධිපතිවරයාට හිටපු ආරක්ෂක ලේකම්වරයාට පොලිස්පතිවරයාට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට සහ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන බුද්ධි නිලධාරියාට නඩු පැවරීමට අදාළව විධිමත් සාක්ෂි ඇත්දැයි සොයාබැලීමට අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් නීතිපතිවරයා දන්වා ඇති බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad