අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා රෝගී දරුවන් මැරෙන්න ඇරලා. මාධ්‍යවල මේවා යන්නෙත් නෑ - රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා රෝගී දරුවන් මැරෙන්න ඇරලා. මාධ්‍යවල මේවා යන්නෙත් නෑ - රාජිත

අද වනවිට රෝහල් පද්ධතිය තුළ පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ සහ රෝහල් උපකරණ වර්ග ගණනාවක දැඩි හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 

"තමුන්නාන්සෙලා දන්නවා පහුගිය අවුරුදු පහ තුළ අපි ලංකාවේ සියලු රෝහල්වල ඖෂධ කිසිදු හිඟයක් නොමැතිව ජනතාවට ලබාදුන්නා. එකම ඖෂධයක්වත් එහෙම හිඟයක් තිබුණෙ නෑ. හිඟයක් තිබුණා නම් ඒ දවස් කීපයක්. මොකද හැම රෝහල් අධ්‍යක්ෂවරයාටම අපි ලබලා දීලා තිබුණා රුපියල් මිලියන 10ක අත්පිට මුදල්. එතකොට ඒ ඕනෑම කෙනෙකුට රෝගියාට මුදල් වියදම් නොකර පිටින් ඒ හිඟ ඖෂධ අරගෙන ලබාදෙන්න පුළුවන්. ඒවගේම ආසන්නම රෝහලක ඒ ඖෂධය ගෙන්වාගන්නත් අවසර දීලා තිබුණා ඔන්ලයින් ක්‍රමයට. ඒවගේම ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අපි දීලා තිබුණා රුපියල් මිලියන 25ක අත්පිට මුදල් මේ කාර්යය කරගෙන යන්න. 

නමුත් අද හැමතැනකම ඖෂධ හිඟයි. අද රජය රෝගීන්ට දීලා තියෙන්නෙ මොකද්ද, අපි රෝහලෙන් ලෙඩේ බලලා දෙන්නම් හැබැයි බෙහෙත් ටික පිටින් ගන්න අර ඉන්දියාවෙ වගේ. ඒ කියන්නෙ ඒක තමයි නව නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රජයේ. 

No comments:

Post a Comment

Post Bottom Ad