යාපනයේ අවසන් රජතුමා මමයි - වෙනීගිය කනගරාජා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

යාපනයේ අවසන් රජතුමා මමයි - වෙනීගිය කනගරාජා

මන් යාපනයේ අවසන් රජතුමා බව නෙදර්ලන්තයේ සිට වෙනීගිය කනගරාජා සඳහන් කරයි.

තමන් අදටද ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා රජ කෙනෙක් බවත් තමන් පවසන දේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිසා උතුරු නැගෙනහිර ප්‍රශ්නය තමනට විසඳිය හැකි බවද ඔහු පවසයි.

කොටි සංවිධානය විසින් තමන් තුන්වතාවක් මරා දමන්නට උත්සාහ කළ බවත් දෙමළ ජාතික සන්ධානය ජිනීවා ගොස් තමන්ට විරුද්ධව බොරු පැමිණිලි දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

තමන් ලංකාවේ නායකයා වී සිටියේ නම් දෙමළ ජාතික සන්ධානයේ සියලු දෙනාගේ හිස ගසා දමන බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad