පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව මෛත‍්‍රි ඉලක්ක කර සැකසූවක් - ශ‍්‍රීලනිප මහ ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව මෛත‍්‍රි ඉලක්ක කර සැකසූවක් - ශ‍්‍රීලනිප මහ ලේකම්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ බහුතරයක් කරුණු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවරූ විෂය පථයට පරිභාහිර කරුණු ගණනාවක එහි අඩංගු බව ද ඔහු සඳහන් කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරමින් සමහර කොටස් සකස් වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් පක්ෂයක් ලෙස ඇති බවද ඔහු පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කීය.


No comments:

Post a Comment

Post Bottom Ad