බුර්කාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තබයි : මද්‍රසා පාසැල් 1000ක් වසා දැමීමට පියවර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තබයි : මද්‍රසා පාසැල් 1000ක් වසා දැමීමට පියවර

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ දිනයේදී අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා. ආගමික අන්තවාදීන් පිරිසක් විසින් පසුගිය සමයේදී මෙම බුර්කාව පැළදිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙනා බවත් මිට පෙර මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළදීමක් සිදුනොකළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම රට තුල ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා.

රටේ සෑම වයස අවුරුදු 5-16 ත් අතර දරුවෙකු ජාතික අධ්‍යපාන ක්‍රමයට අනුව අධ්‍යාපනය ලැබීය යුතු බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad